Gossips

සැමියා නැති හෝරාවේ සුරූපී කාන්තාව සොයා නිවස තුලට ආ අභිරහස් මාරයා

සැමියා නැති හෝරාවේ සුරූපී කාන්තාව සොයා නිවස තුලට ආ අභිරහස් මාරයා "
දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාවක් සිය නිවස තුළදී ඝාතනය කර තිබෙනවා.
මෙම කාන්තාවගේ සැමියා නිවසින් පිටතට ගොස් සිටි අවස්ථාවේ මෙම ඝාතනය සිදුව ඇති බවටයි මේ වනවිට තොරතුරු වාර්තා වන්නේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 42 ක කාන්තාවක් බවයි වාර්තා වන්නේ.
ඇයගේ සැමියා නැවත නිවසට පැමිණීමෙන් අනතුරුව නිවසේ දොරගුළු ලා තිබී ඇති අතර පසුව සොයා බැලීමේදී නිවස තුළ ඇය වැටී සිටිනු දැක තිබෙනවා.
අනතුරුව ඇය මියගොස් ඇති බව දැනගැනීමෙන් අනතුරුවයි ඔහු පොලිසියට අදාළ සිදුවීම සම්බන්ධයෙන් දැනුම් දී ඇති බව වාර්තා වන්නේ.
අදාළ කාන්තාවට අමානුශිකව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇති බවටයි පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ.
සිද්ධිය වන අවස්ථාවේ තමන් මීගමුව නගරයට ගොස් සිටි බවයි ඇයගේ සැමියා ප්‍රකාශ කර ඇත්තේ.
දිවුලපිටිය පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.