Gossips

සැමියා ඝාතනය කළ බිරිඳ රක්ෂිත බන්ධනාගාරයට

පොල්ලකින් පහර දී සිය ස්වාමි පුරුෂයා ඝාතනය කළ කාන්තාවක් නිවිතිගල පොලිසිය මඟින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු 39 හැවිරිදි සැකකාර බිරිඳ රත්නපුර වැඩබලන මහෙස්‌ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළ බවයි නිවිතිගල පොලිසිය පැවසුවේ.
අදාල සැමියා බීමතින් පැමිණ නිරන්තරයෙන් කරදර කරන බවට අනාවරණය වී ඇති අතර සිද්ධිය වූ දිනයේදී සිය දෙවැනි පුතාට පහර දී දරුවාගේ ගෙල මිරිකා ඝාතනය කිරීමට තැත්කර ඇති බව සඳහන්.
එම අවස්ථාවේ දරුවා බේරාගැනීමට තමන් සැමියාට පොල්ලකින් පහරදුන් බවත් එවිට එම පොල්ල කැඩී ගිය පසු නිවස තුල තිබූ මෝල් ගස රැගෙන ඉන් හිසට පහරක්‌ එල්ල කළ බව සැකකාර කාන්තාව පොලිසිය හමුවේ පවසා තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්‌වූ පුද්ගලයා නිවිතිගල, පනහැටගල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි දෙදරු පියෙක් බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.