Gossips

සැමියා ඝාතනය කළ බිරිඳක්, පොරවත් රැගෙන පොලීසියට

තම සැමියාට පොරවකින් පහරදී ඝාතනය කළ කාන්තාවක් එම පොරවද රැගෙන පොලීසියට භාරවීමේ පුවතක් අනුරාධපුර – පරසන්ගස්වැව පොලිස් වසමෙන් වාර්තා වුණා.
පරසන්ගස්වැව, අඩුකැටියාව, බෝධි මාවතේ නිවසකදී අද පස්වරුවේ මෙම ඝාතන සිද්ධිය සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ.
වඩු කාර්මිකයෙකු වූ 43 හැවිරිදි දෙදරු පියෙකු මෙම සිද්ධියෙන් ඝාතනයට ලක්ව තිබෙනවා.
ඔහු තවත් කාන්තාවක ද සමග පවත්වාගෙන ගිය අනියම් ප්‍රේම සබදතාවක් මෙම ඝාතනයට හේතුවී ඇති බව සදහන්.
ඝාතනය සිදුකළ 35 හැවිරිදි ඔහුගේ බිරිඳ හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.