Gossips

සැමියා ඝාතනය කළ කාන්තාවට මරණ දඬුවම

තම සැමියා ගෙළකපා ඝාතනය කළ කාන්තාවකට අද (14) පාණදුර පළාත්බද මහාධිකරණය මරණ දඬුවම නියම කළා.
විත්තිකාරියට එරෙහිව නීතිපතිවරයා විසින් පැවරූ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ මහාධිකරණ විණිසුරු දමිත් තොටවත්ත මහතා මෙම තීන්දුව ලබාදුන්නා.
මෙලෙස මරණ දඬුවම නියම වූයේ අඟුලාන ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි කාන්තාවකටයි.
අරක්කැමියෙකු වූ ඇයගේ සැමියා තියුණු ආයුධයකින් ගෙළ කපා ඝාතනය කර තිබුනේ 2009 වර්ෂයේදීයි.
ඔහු ගෙලකපාගෙන සියදිවි හානිකගෙන නොමැති බවත් කිසිවෙකු විසින් ඔහුව ගෙලකපා ඝාතනය කර ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වූවා.
ඒ අනුව අදාළ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ බිරිඳ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
අදාළ ඝාතනය අනියම් සම්බන්ධයක් හේතුවෙන් සිදුවූවක් බවටයි පරීක්ෂණවලදී අනාවරණ වූයේ.
මෙලෙස ඝාතනයට ලක්වූ පුද්ගලයාට මතුගම ප්‍රදේශයේ කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධතාවක් තිබී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව විත්තිකාරියට විරුද්ධව ඇති අධිචෝදනාව සැකයෙන් තොරව ඔප්පු වී ඇති බැවින් අද අධිකරණය විසින් ඇයට මරණ දඬුවම නියම කළා.