Gossips

සැමියාගේ සිරුර දිවයිනට ගෙන්වා දෙන්නැයි බිරිඳක් ඉල්ලයි

කටාර් රාජ්‍යයේ පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිටියදී හදිසි අනතුරකින් මිය ගිය තම සැමියාගේ දේහය දිවයිනට ගෙන්වා දෙන ලෙස බිරිඳ සහ ඥාතීන් රජයෙන් ඉල්ලීමක් කරනවා.
ගලේවෙල – බුල්නෑව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 34ක් වයසැති අසංක ප්‍රේමරත්න පසුගිය 2016 වසරේ කටාර් රාජ්‍යයට ගොස් ඇත්තේ රියදුරු රැකියාවක් සඳහායි.
ශ්‍රී ලංකික තරුණයින් කිහිප දෙනෙකු සමඟ ඔහු තෙමහල් ගොඩනැගිල්ලක නවාතැන් ගෙන සිට ඇති අතර පසුගිය මස 28 වන දා එම ගොඩනැගිල්ලෙන් ඇද වැටී මොහු මිය ගිය බවට දුරකථන මාර්ගයෙන් දැනුම් දී තිබෙනවා.
එම දැනුම්දීම සිදුකර ඇත්තේ ද ඔහු සමඟ සිටි මිතුරෙකුගේ මෙරට සිටින බිරිඳක් විසින්.
එහෙත් තම සැමියා සමඟ කටාර් රාජ්‍යයේ එකට සිටි මිතුරන් තවමත් ඒ පිළිබදව දැනුම් දී නොමැති බවත්, මෙම මරණය සැක සහිත බවත් බිරිඳ පවසනවා.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම්වත් කර ඇති නමුත් තවමත් ඊට ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවටයි මියගිය පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කළේ.