Gossips

සැමියාගේ වරදින් මියගිය නාගයෙකු දෂ්ඨ කළ බිරිඳ (ඡායාරූප)

නාගයෙකු දෂ්ඨ කළ කාන්තාවක් ඇයගේ සැමියාගෙන් නොසැලිකිලිමත්කම හේතුවෙන් මියගිය පුවතක් ඉන්දියාවෙන් වර්තා වනවා.
විදෙස් මාධ්‍ය වර්තා කරන්නේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි බූලන්ද්ෂාර් ප්‍රදේශයේ මෙම සිදුවීම සිදුව ඇති බවයි.
35 හැවිරිදි අදාල කාන්තාව දර කැඩීමට ගොස් ඇති අවස්ථාවක අැයට නාගයා දෂ්ඨකර ඇති බවයි වාර්තා වන්නේ.
සිය බිරිඳට නාගයෙකු දෂ්ඨකර ඇති බව දැනගත් සැමියා ඇයව ප්‍රතිකාර සඳහා රෝහල වෙත රැගෙන නොගොස් ඇයට ප්‍රතිකාර කිරීමට සර්ප වෛද්‍යවරයෙකුගේ උපදෙස් පතා තිබෙනවා.
එහිදී අදාල සර්ප වෛද්‍යවරයා පවසා ඇත්තේ රෝගියාගේ ශරීරය සම්පුර්ණයෙන්ම ගොම වලින් ආවරණය කරන ලෙසයි.
සර්ප වෛද්‍යවරයාගේ උපදෙස් මත සැමියා විසින් සිය බිරිඳගේ ශරීරය සම්පුර්ණයෙන්ම ගොම වලින් ආවරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් ඉන් මඳ වේලාවකට පසු අදාල කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රදේශවාසීන් පවසන්නේ කාන්තාව ප්‍රතිකාර සඳහා රෝහලකට රැගෙන ගොස් තිබුනා නම් අැයගේ ජීවිතය බේරාගැනීමට හැකියාව තිබූ බවයි.