Gossips

සැමියාගේ පහරදීමෙන් තිදරු මවක් මරුට

නාරම්මල ගල්වංගුව ප්‍රදේශයේ නිවසකදී තිදරු මවක් සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
මියගොස් ඇත්තේ 24 හැවිරිදි කාන්තාවක් වන අතර ඇයගේ බාලම දරුවාගේ වයස මාස 3 ක්.
සැමියා සමග ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු සොයා පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.
මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කුලියාපිටිය රෝහලට රැගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.