සැබෑ විපක්ෂ නායකයා කවුරුන්ද යන්න පිළිබඳව ඉදිරි පාර්ලිමේන්තු සතියේදී දැකබලා ගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා.
ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) පැවති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එම රැස්වීමට ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවැන් වන එස්.බී.දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත සහ ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න ද එක්ව සිටියා.
