හලාවත – මාදම්පේ – ගල්මුරුව – දකුණ – ගල්වල ප්‍රදේශයේදී ගංවතුරට හසුව සිටි පිරිසක් බේරා ගැනීමට ගොස් සැඩපහරකට හසුව ජීවිතක්ෂයට පත්වූ පොලිසියේ කොස්තාපල්වරයා පොලිස් සැරයන් තනතුර දක්වා උසස්කර තිබෙනවා.
පොලිස්පතිවරයා විසින් මෙම උසස් වීම සිදුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ.
පසුගිය 25 වනදා දහවල් සැඩ පහටකට හසුව සිටි තිදෙනෙකුගේ ජීවිත බේරාගැනීමට ගොස් අතුරුදන්වූ මෙම කොස්තාපල්වරයාගේ සිරුර අද (27) උදෑසන සොයාගනු ලැබුවේ අතුරුදන් වූ ස්ථානයේ සිට මීටර් 200 ක් පමණ දුරින් උඩවෙල ප්‍රදේශයේ තිබියදියි.
මාදම්පේ පොලීසිය ප්‍රකාශ කළේ නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුව ඔහුගේ සිරුර සොයාගත් බවයි.
නාරම්මල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි මෙම නිලධාරියාගේ සිරුර පරීක්ෂණ කටයුතු සඳහා මේ වන විට හලාවත රෝහලට රැගෙන ගොස් ඇති බව සඳහන්.