Gossips

සැඩ පහරට හසුව ගසාගෙන ආ ජීවිතයක් බේරා ගනී

නාවලපිටිය විල්ටන් වත්ත ප්‍රදේශයේ කඳු මුදුනක සිට මහවැලි ගඟට ජලය ගලා බසින ඇල මාර්ගයක ගසාගෙන ආ කුඩා වැලි මුව පැටවෙකුගේ දිවි බේරා ගැනීමට ප්‍රදේශවාසීන් පිරිසක් සමත්ව තිබෙනවා.
ඊයේ පස්වරුවේ ඇද හැලුනු අධික වර්ෂාවත් සමග මුව පැටවා ජල පහරට හසුවී ගසාගෙන පැමිණ තිබු බවයි ප්‍රදේශවාසීන් සඳහන් කර ඇත්තේ.
මෙම සත්වයාගේ දකුණු ඇසට බරපතල තුවාල සිදුවී ඇතැයි සඳහන්.
බේරා ගැනුනු වැලි මුව පැටවා නල්ලතන්නිය වනජීවී කාර්යාල නිලධාරීන්ට භාරදී තිබෙනවා.