රාගල සමගිපුර ප්‍රදේශයේදී පාසල අවසන්වී නිවස වෙත යමින් සිටි දැරියක් සැඩ පහරකට හසුවී ගසාගෙන යාමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද සවස 2.30 ට පමණ මාර්ගයක් හරහා වැටී ඇති ඇළ මාර්ගයක සැඩ පහරකට දැරිය හසුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මියගොස් ඇත්තේ උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි 9 හැවිරිදි දැරියක්.
ඇය කනිකාවත්ත දමිළ විද්‍යාලයේ 4 වන වසරේ ඉගෙනුම ලබමින් සිටි බව සඳහන්.
දැරිය පාසල අවසන් වී සම වයසේ ළමුන් 5 දෙනෙකු සමග නිවසට යමින් සිටියදී අනතුරට ලක්ව තිබෙනවා.
මෘත ශරීරය නුවරඑළිය රෝහලේ තැන්පත් කර ඇති අතර රාගල පොලිසිය විමර්ශණ මෙහෙයවනවා.
අද පස්වරුවේ ප්‍රදේශයට පැවති දැඩි වර්ෂාවත් සමග සිසුවියන් ගමන් ගන්නා මාර්ගයේ පැවති කුඩා ජල පහරක් දැඩි ජල ධාරාවක් බවට පත්ව ඇතැයි සඳහන්.
ප්‍රදේශවාසීන් සඳහන් කර ඇත්තේ මීට පෙර මෙවැනි ජල ධාරාවක් එම ස්ථානයෙන් ගලා නොගිය බවයි.