Gossips

සැඩපහරට හසුව අතුරුදන්වූ කොස්තාපල්වරයාගේ සිරුර හමුවෙයි

අයහපත් කාලගුණයත් සමඟ හලාවත – මාදම්පේ – ගල්මුරුව – දකුණ – ගල්වල ප්‍රදේශයේදී ගංවතුරට හසුව සිටි පිරිසක් බේරා ගැනීමට ගොස් සැඩපහරකට හසුව අතුරුදන්ව සිටි මාදම්පේ පොලිසියේ කොස්තාපල්වරයාගේ සිරුර හමුවී තිබෙනවා.
මාදම්පේ පොලීසිය ප්‍රකාශ කළේ නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුව ඔහුගේ සිරුර සොයාගත් බවයි.
පසුගිය 25 වනදා දහවල් අතුරුදන්වූ මෙම කොස්තාපල්වරයාගේ සිරුර සොයාගනු ලැබුවේ අතුරුදන් වූ ස්ථානයේ සිට මීටර් 200 ක් පමණ දුරින් උඩවෙල ප්‍රදේශයේ තිබියදියි.
නාරම්මල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි මෙම නිලධාරියාගේ සිරුර පරීක්ෂණ කටයුතු සඳහා හලාවත රෝහලට රැගෙන යාමට නියමිතයි.