Gossips

සැඩපහරට හසුවී පුද්ගලයෙකු මරුට

කාත්තන්කුඩි – ආරියම්පති වෙරළ තීරයේදී පුද්ගලයෙකු රළ පහරට හසුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ පස්වරුවේ මෙලෙස මියගොස් ඇත්තේ ආරියම්පති – සෙල්වනගර් ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු තම නිවසේ සුරතලයට ඇති කරන සුනඛයා මුහුදු වෙරළේ නාවමින් සිටි අවස්ථාවේ රළ පහරට හසුවූ සුනඛයා මුදාගැනීමට යාමේදී මෙම අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.