Gossips

සැක කටයුතු ලෙස මියගිය ව්‍යාපාරික තරුණයෙකුගේ සිරුරක් හමුවෙයි

මාවනැල්ල අරණායක ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිට සැක කටයුතු ලෙස මියගිය තරුණයෙකුගේ සිරුරක් අරණායක පොලිසිය විසින් අද (08) සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මාවනැල්ල, පදියදොර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ව්‍යාපාරික තරුණයෙක්.
අවිවාහක තරුණයෙකු වූ ඔහු ඊයේ (07) රාත්‍රියේ උස්සාපිටියේ ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයකට සහභාගි වි ඇති අතර එය අවසන් වි නිවසට යමින් සිටයදි මෙම අනතුරට ලක්ව ඇති බවයි මුලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.
මෙය හදිසි අනතුරක්ද නැත්නම් ඝාතනයක්ද යන්න පිලිබඳව අරණායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මිය ගිය තරුණයාගේ සිරුර පිලිබඳ පශ්චාත් මරණ පරික්ෂණය අද මාවනැල්ල රෝහලේදී සිදුකිරීමට නියමිතයි.