Gossips

සැක කටයුතු ලෙස මියගිය තරුණයෙකුගේ සිරුරක් හමුවෙයි

පදවි ශ්‍රී පුර ප්‍රදේශයේදී ගෙළ වැලලාගෙන මියගිය බවට සැක කෙරෙන තරුණයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.
පදවි ශ්‍රී පුර ඕලුගොල්ල වැව අසල වෙල් යායක තිබියදීයි 27 හැවිරිදි තරුණයාගේ සිරුර හමුවී ඇත්තේ.
අද (20) උදෑසන කුඹුරු යායට ගිය ගොවීන් පිරිසක් ගසක එල්ලී සිටින අයෙකු දැක පොලිසියට දන්වා තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි අවිවාහක තරුණයෙක්.
මෙය ගෙළ වැලලා ගැනීමක් ද එසේ නොවන්නේ නම් ඝාතනයක් ද යන්න පිළිබඳ පදවි ශ්‍රි පුර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.