Gossips

සැකයක් ඉතිරි කර ජීවිතය හැර ගිය විජේරත්න

දඹුල්ල, ගල්වැටියාය ප්‍රදේශයේ නිවසක් පිටුපස පිහිටි වගා ළිඳක පාවෙමින් තිබූ මළ සිරුරක් අද (05) දඹුල්ල පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ ඊ.එම්.විජේරත්න බණ්ඩා නැමැති 52 හැවිරිදි දෙදරු පියෙක්.
මීට දින දෙකකට ඉහත දී සිය වැඩිමහල් දියණියගේ නිවසට පැමිණ සිය බිරිඳ පැමිණියේ දැයි විමසා නැවත නිවසට යන බව පවසමින් පිටත්ව ගොස් ඇති මෙම පුද්ගලයා ගැන ඉන්පසු කිසිදු තොරතුරක් නොමැති බවයි නිවැසියන් පොලිසියට පවසා ඇත්තේ.
අද උදෑසන ඔහු පදිංචිව සිටි නිවස පිටුපස කැලෑබද ස්ථානයක මියගොස් සිටින පුද්ගලයා පාවිච්චි කරන ලද මුදල් පසුම්බිය ඥාතීන් දැක ඇති අතර අවට පරීක්ෂා කර බැලීමේදී වගා ළිඳක පාවෙමින් තිබු ඔහුගේ මළ සිරුර හමුවී තිබෙනවා.
කාලයක සිට පවුල් ආරවුලක් පිළිබඳව සිත් තැවුලෙන් මෙම පුද්ගලයා පසු වූ බවයි නිවැසියන් පොලිසියට පවසා ඇත්තේ.
මළ සිරුර පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත අතර දඹුල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරනවා.