Gossips

සැකයක් ඉතිරිකර මියගිය තරුසි

කැකිරාව ප්‍රදේශයේදී කාන්තාවක් ඊයේ (08) සවස ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කැකිරාව, ඉහළගම ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි විවාහක තැනැත්තියක් බවයි පොලිසිය පවසන්නේ.
පොලිසිය වැඩිදුරටත් පවසන්නේ ඇය විවාහා වී සිය සැමියාගේ නිවසේ පදිංචිව සිට ඇති අතර නිවසේ මුළුතැන්ගේ වහලයේ ලණුවක් ආධාරයෙන් ගෙළ වැළලාගෙන ඇය මියගොස් ඇති බවයි.
තරුසි කාවින්ද්‍යා නැමැති මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය අනුරාධපුර රෝහලේදී අද (09) දින සිදුකිරීමට නියමිත බවයි කැකිරාව පොලිසිය සඳහන් කළේ.
සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මියගිය කාන්තාවගේ මව පවසන්නේ සිය දියණියගේ මරණය සැක සහිත බවයි.