Gossips

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිසියට විරෝධයක්

කන්තලේ අග්බෝපුර ප්‍රදේශයේදී, පහරදීමක් සම්බන්ධයෙන් සැකකටයුතු පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගැනීමට යාමේදී නොසන්සුන්තාවක් ඇතිවුනා.
එම පුද්ගලයාගේ ඥාතීන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කිරීමත් සමග මෙම නොසන්සුන්තාව ඇතිවු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අග්බෝපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එම ස්ථානයේ සිටි අයෙක් ජංගම දුරකථනය මගින් මෙම සිදුවීම වීඩියෝගත කර තිබුනා.