2010 වසරේදී පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියකට අදාළව වව්නියාව – පුවරසන්කුලම් පොලීසියේ ස්ථානාධිපතිවරයා ඊයේ (10) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එවකට ඔහු කිරිබත්ගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කර ඇති අතර, නිවසක් බිඳ දේපළ සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට පහරදීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ.
අත්අඩංගුවට ගත් ස්ථානාධිපතිවරයා අද (11) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.