Gossips

සැකකරුවන් 2051 අත්අඩංගුවට

දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමකදී විවිධ සිද්ධින් සම්බන්ධයෙන් පුද්ගලයින් 2051 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රී 11 සිට අද අළුයම 3 දක්වා පැය 04 ක කාලයක් මෙම මෙහෙයුම සියලූම පොලිස් ස්ථාන අවරණය වන පරිදි සිදු කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
ඒ යටතේ වරෙන්තුකරුවන් 1329 ක්, අපරාධ සඳහා අවශ්‍ය කරනු ලබන සැකකරුවන් 151 ක්, සැකපිට පුද්ගලයින් 571 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.