කොස්ගම පොලීසියේ සිර මැදිරියක රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකු පලායාමේ සිද්ධියට පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කොස්ගම පොලීසියේ උප සේවක රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ සහ සිද්ධිය වන අවස්ථාවේ එහි කාර්යභාර නිලධාරී ලෙස කටයුතු කළ පොලිස් සැරයන්වරයෙකුගේ මෙලෙස සේවය අත්හිටුවා ඇති බවයි.
කොස්ගම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සිර මැදිරියක රදවා සිටි සැකකරුවන් දෙදෙනෙකු ඉන් පළා ගොස් තිබුණේ පසුගිය 6 වනදා රාත්‍රියේයි.
හෙරොයින් සන්තකයේ තබාගැනීම මොවුන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනාවයි.
