Gossips

සැකකරුවන් නිදැල්ලේ – රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනාගේ ඥාතීන්ගෙන් චෝදනා

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින් තවමත් නිදැල්ලේ සිටින බවට ඔවුන්ගේ ඥාතීන් චෝදනා කරනවා.
රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පෙරේදා අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් 7 දෙනා සහ වලස්මුල්ල ප්‍රධාන අඩවි වන නිලධාරියා ලබන 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.
මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ අපරාධ ඒකකයේ ස්ථානාධිපතිවරයා, පොලිස් නිලධාරින් 5 දෙනෙකු සහ වන සංරක්ෂණ නිලධාරියෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් ද රක්ෂිත බන්ධනාගාරගතවයි පසුවන්නේ.
පොලිස් නිල ඇඳුමින් සැරසුණු පිරිසක් කළු පැහැති වෑන් රථයකින් සහ මෝටර් රථයකින් පැමිණ 31 හැවිරිදි රසීන් චින්තක සහ 33 හැවිරිදි මංජුල අසේල යන ව්‍යාපාරිකයන් දෙදෙනා පසුගිය ජනවාරි 23 වනදා මෙලෙස පැහැරගෙන ගොස් තිබුණා.
පසුව මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා අක්මීමන – ගොනාමුල්ල ප්‍රදේශයේ නිවසක් තුළට රැගෙන ගොස් පහර දී ඝාතනය කර වලස්මුල්ල – කනුමුල්දෙණිය රක්ෂිතයේ ස්ථානයක ගෙන ගොස් පිළිස්සූ බවට ආණවරණය වුයේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලින් අනතුරුවයි.