Gossips

සැකකරුවන් දෙදෙනෙක් අල්ලන්න පොලිසිය සහය පතයි

නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට සඳහා පොලිසිය මහජන සහය පතනවා.
පසුගිය 2017 වසරේ 10 වන මස 21 දින මීගහවත්ත පෑලියගොඩ ප්‍රදේශයේ නිවසකට එල්ල කළ මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයේ CCTV දර්ශණද පොලිසිය මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මෙම සැකකරුවන් පිලිබඳ තොරතුරක් වෙතොත් පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශයේ 0112 947780 හෝ 0716868675 යන අංක වෙත දැනුම් දෙන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ.
අදාල සිද්ධියේ CCTV දර්ශණ පහතින්.