Gossips

සැකකටයුතු ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් උහන කැලයකින් හමුවේ – (ඡායාරූප)

උහන ලාටුගල ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක තිබී වෙඩි වැදී මියගිය බවට සැකකෙරෙන පුද්ගල මළ සිරුරක් හමුව තිබෙනවා.
මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 47 හැවිරිදි තිදරු පියෙක්.
ඔහු පසුගිය 29 වනදා හේනට ගොස් යළි නිවසට නොපැමිණීම හේතුවෙන් පවුලේ ඥාතීන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි විමර්ශන කටයුතු ආරම්භ කර ඇත්තේ.
ඒ අනුව සිදු කළ විමර්ශනයේදී ඇල මාර්ගයක් අසළ තිබී සිරුර සොයා ගැනුණා.
බදින තුවක්කුවක් ක්‍රියාත්මක වීමෙන් මෙම පුද්ගලයා මියගිය බවටයි පොලීසිය සැක පළකරන්නේ.
මළ සිරුර හමුවූ ස්ථානයේ තිබී බෝර 12 හිස් පතුරොම් කොපු කිහිපයක්, භාවිතයට නොගත් වෙඩි බෙහෙත් පොලීසිය සොයාගෙන තිබෙනවා.
මළ සිරුර අම්පාර මහ රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් උහන පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



ඡායාරූප – අම්පාර – සමන් චන්ද්‍රතිලකrn