Gossips

සැකකටයුතු පුද්ගල මළ සිරුරක් ත්‍රිරෝද රථයක (ඡායාරූප)

මාතලේ – කවටයාමුණ – බාල්දිකොකු වංගුව අසළ ත්‍රිරෝද රථයක් තුළ තිබී පිරිමි මළ සිරුරක් අද සොයාගෙන තිබෙනවා.
මහවෙල පොලීසිය සඳහන් කළේ ඔහු කුරුණෑගල – මල්කඩුවාව ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙක් බවට මේ වනවිට හඳුනාගෙන ඇති බවයි.
මියගොස් සිටි පුද්ගලයාගේ ශරීරයේ බාහිර රුධිර වහනයක් දක්නට ලැබුණු බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
අදාළ පුද්ගලයා මියයෑමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, මහවෙල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඡායාරූප – මාතලේ රවින්ද්‍ර විරාජ්