Gossips

සා.පෙළ උත්තර පත්‍ර ඇගයීම් 23 වනදා ඇරඹේ

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ලබන 23 වනදා සිට ආරම්භ කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
අදියර දෙකක් යටතේ මෙම උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සිදුකිරීමට නියමිත අතර, එහි පළමු අදියර 23 වනදා සිට ජනවාරි පළමුවනදා දක්වා සිදුකෙරෙනු ඇති.
දෙවන අදියරේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ජනවාරි 8 වනදා සිට 17 වනදා දක්වා සිදුකිරීමට නියමිතයි.