Gossips

සා.පෙළ අවසන් – කළහකළ සිසුවියක් පොලීසියට

පසුගිය තුන්වනදා ආරම්භ වූ සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වුණා.
විභාග දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළේ විභාගය අවසන් වීමෙන් පසු කළහකාරීව හැසිරෙන සහ රාජ්‍ය දේපළවලට හානි කරමින් කටයුතු කරන සිසුන්ට දැඩි දඩුවම් ලබාදෙන බවයි.
ඒ පිළිබඳව පොලීසියද දැනුවත් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ඒ අනුව තිස්සමහාරාම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක විභාග මධ්‍යස්ථානයක් අසළ තියුණු ආයුධයක් ළඟ තබාගෙන තරුණයෙකු පොලීසිය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
18 හැවිරිදි ඔහු දෙබරවැව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.
මේ අතර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදී ඉන් පිටතට පැමිණි සිසුවියන් දෙදෙනෙකු අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් එක් සිසුවියක් රෝහල් ගතකිරීමේ පුවතක්ද කුලියාපිටිය ප්‍රදේශයෙන් අද වාර්තාවුණා.
මෙම ගැටුම ඇතිවී ඇත්තේ කුලියාපිටිය නගරයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක සිසුවියන් දෙදෙනෙකු අතරයි.
මාස කිහිපයක සිට ඔවුන් දෙදෙනා අතර තිබූ විරසකයක් ගැටුමට හේතුවී ඇති අතර, පහරදීම සිදුකළ සිසුවිය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය භාරයට ගෙන තිබෙනවා.