Gossips

සාෆ් පාපන්දු තරඟාවලියේ තීරණාත්මක තරඟයක්

බංග්ලාදේශයේ පැවැත්වෙන දකුණු ආසියාතික පාපන්දු තරගාවලියේ ඉන්දියාව සහ මාලදිවයින අතර තරඟය අද පැවැත්වෙනවා.
තරගාවලියේ මෙතෙක් සහභාගි වූ එක් තරඟයක් පරාජය වී අනෙක් තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් කළ ශ්‍රී ලංකා පිළ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට නම් ඉන්දියාව අද තරඟයෙන් තුනට බින්දුවක් ලෙස ජයග්‍රහණය කළ යුතුයි.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පැවති තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් වීම නිසා අද තරඟයේදී ඉන්දියාවට එරෙහිව එක් ගෝලයක් හෝ වාර්තා කළහොත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නේ මාලදිවයිනයි.