Gossips

සාලියපුර පීලිපැනීමෙන් උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමනයට සීමා

උතුරු දුම්රිය මාර්ගයේ යාපනයේ සිට පරසන්ගස් වැව දක්වා මෙන්ම, සාලියපුර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය ධාවනය සිදුවන බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළා.
කෙසේ නමුත්. සාලියපුර සහ පරසන්ගස්වැව අතර දුම්රිය ධාවනය මෙතෙක් සිදුවන්නේ නැහැ.
ඒ එම දුම්රිය ස්ථාන අතර, යාපනයේ සිට බෙලිඅත්ත දක්වා ගමන් ගත් දුම්රියක් පීලි පැනීමකට ලක්වීම හේතුවෙන්.
අද දහවල් 12 ට පමණ දුම්රිය පීලිපැනීමට ලක්වූ අතර, උතුරු දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වුණා.
මේ වනවිට එම දුම්රිය පීලිගත කිරීමේ කටයුතු තවමත් සිදුකෙරෙන බවයි දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේ.