Gossips

සාලාව යුධ හමුදා කඳවුරේ අවි ගබඩාව පිපිරීමෙන් හානි වූ වාහනවලට වන්දි ගෙවීමට කැබිනට් අනුමැතිය

කොස්ගම සාලාව යුධ හමුදා කඳවුරේ අවි ගබඩාව පුපුරා ‍යාම හේතුවෙන් හානියට ලක්ව නියමිත වන්දි මුදල් නොලැබුණු වාහන සඳහා වන්දි මුදල් කඩිනමින් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා.
වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායකයි යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබුනේ.
සාලාව යුධ හමුදා කඳවුරේ අවි ගබඩාව පුපුරා ‍යාම හේතුවෙන් නිශ්චල හා චංචල දේපළ රැසකට හානි සිදු වූ අතර එලෙස හානි වූ නිවාස, ව්‍යාපාරික ස්ථාන සහ අනෙකුත් විවිධ දේපළ සඳහා රජය විසින් මේ වනවිට වන්දි ගෙවීමට කටයුතු කටයුතු කර තිබෙනවා.
එසේ වුවත්, මෙහිදී හානියට ලක්වූ වාහන සඳහා වන්දි ගෙවීම තවමත් ආරම්භ වී නැහැ.
එම වන්දි මුදල් කඩිනමින් ලබාදීමට අදාලවයි අමාත්‍ය දුමින්ද දිසානායක අමාත්‍ය මණ්ඩලයට යෝජනාව ඉදිරිපත් කර තිබුනේ.