Gossips

සාමාන්‍ය පෙළ සිසුවෙකු වැළි වළකට බිළි

ගම්පොළ ප්‍රදේශයෙන් මහවැලි ගෙඟ් දිය නෑමට ගිය 17 හැවිරිදි පාසල් සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබුණා.
ඔහු ගම්පොළ – ශාන්ත ඇන්ඩෲ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ගම්පොළ – මරියවත්ත ප්‍රදේශයේ පදිංචි සිසුවෙක්.
මෙම සිසුවා ඊයේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල දැන ගැනීමට තවත් සිසුන් පිරිසක් සමඟ පාසල වෙත පැමිණ තිබෙනවා.
අනතුරුව ඔවුන් ගම්පොළ නගරයට ආසන්න තොටුපළකින් මහවැලි ගඟට බැස දිය නාමින් සිටින අතරතුර මිය ගිය සිසුවා වැලි වලකට වැටී තිබෙනවා.
සිද්ධියෙන් පසු ඔහු සමඟ දිය නෑමට පැමිණි මිතුරන් ඒ පිළිබදව කිසිවෙකුත් දැනුවත් නොකර එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණා.
අඩි 15 – 20ක පමණ වැලි වළක රැදුණු සිසුවාගේ මළ සිරුර අද උදෑසන දැක ඇත්තේ වැලි ගොඩදැමීම සඳහා ගඟට බසින ලද පුද්ගලයෙකු විසින්.