Gossips

සාමාන්‍ය පෙළ සිසුවියකට වසර 4 කට පසු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සාධාරණයක්

කැපවීමෙන් අධ්‍යාපනය හදාරා අපේක්ෂිත ප්‍රතිඵල නොලැබෙන සිසුන් නැවත සමීක්ෂණ සඳහා ඉල්ලුම් කිරීම සුලබ දෙයක්.
නමුත් පළමු ප්‍රතිඵල වෙනස් වීම සිදුවන්නේ ඉතාමත්ම කලාතුරකින්.
නැවත සමීක්ෂණ ප්‍රතිඵල අභියෝගයට ලක්කළ සිසුවියකට වසර 4 කට පසුව අධිකරණයෙන් සාධාරණය ඉටු වූ පුවතක් අපට අද වාර්තා වුණා.
කොළඹ විශාකා විදුහලේ ඉගෙනුම ලැබූ එම්.ඩී.කේ සඳමිණී වීරසිංහ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියේ 2013 වසරේදී.
ඉන් ඇයට A සාමාර්ථ 8 ක් සහ ඉංග්‍රීසි විෂයට B සාමාර්ථයක් හිමි වුණා.
වාර විභාගවලදීද ඉංග්‍රීසි විෂයට ඉහළ දක්ෂතා දැක්වූ ඇය බී සාමාර්ථය සම්බන්ධයෙන් සෑහීමට පත් වූයේ නැහැ.
එවක සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයේ A සාමාර්ථයේ කඩඉම් ලකුණ ලකුණු 72 ක් වූ අතර සඳමිණි සිසුවියට B සාමාර්ථයක් හිමිව තිබුණේ ලකුණු 71 ක් ලබාතිබීම හේතුවෙන්.
ඇය ප්‍රශ්න පත්‍රයේ සියලුම ප්‍රශ්නවලට සාර්ථකව පිළිතුරු සපයා තිබුණද ඇය විසින් ලියා තිබූ රචනාව සඳහා ලකුණු 15 න් එකදු ලකුණක් හෝ ලබා දී තිබුණේ
නැහැ.
පසුව ඔවුන් තමන්ට වූ අසාධාරණය මානව හිමිකම් කොමිෂන් සභාවට මෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයටද පැමිණිලි කළා.
2015 වසරේදී එලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතූ සඳමිණී සිසුවියට වසර 4 කට පසුව අද සාධාරණයක් ඉටු වුණා.
සඳමිණි සිසුවිය මේ වන විට පෞද්ගලික විශ්වවිද්‍යාලයක රසායනික විද්‍යාව සම්බන්ධයෙන් විශේෂ උපාධියක් හදාරමින් සිටින අතර ඇය රුහුණු විශ්වවිද්‍යාලයටද සුදුසුකම් ලබා සිටිනවා.