මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ජාතික හැඳුනුම්පත් ලබා නොගත් අපේක්ෂකයින්ට ඒ සඳහා කඩිනමින් අයදුම් කරන ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.
එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක කියා සිටියේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගෙන් සියයට 95 කට පමණ මේ වනවිටත් ජාතික හැඳුනුම්පත් නිකුත් කර ඇති බවයි.
ඒ හේතුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමට විශේෂ දින වෙන් නොකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.