Gossips

සාමාන්‍ය පෙළ සිසුන්ට අවවාදයක්

සාමාන්‍ය පෙළ විභාගය හෙට අවසන් වී විභාග මධ්‍යස්ථානවල හෝ පරිශ්‍රයන්හි කලහකාරී අන්දමින් හැසිරුනහොත් හෝ පොදු දේපලවලට හානි සිදුකළහොත් දැඩි දඬුවම් පමුණුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග මධ්‍යස්ථාන අවට ජංගම මුර සංචාර යෙදවීමට පොලීසිය මේ වනවිටත් කටයුතු කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.
ඊට අදාළ උපදෙස් විභාග ශාලාධිපතිවරුන් වෙත ද ලබාදී ඇති බව සදහන්.