2018 සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලට අනුව දිවයිනේ වැඩිම සිසුන් සංඛ්‍යාවක් සමත්වීමේ ප්‍රතිශතය මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.
එම දිස්ත්‍රික්කයේ සිසුන් 21,898 දෙනෙකු සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අතර, එහි සමත් ප්‍රතිශතය 79.89% ක් බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිසුන් 16,872 ක් විභාගයට පෙනී සිටි අතර, එහි 79.24% ක් සමත් වී තිබෙනවා.
ඒ අනුව වැඩිම සිසුන් සංඛ්‍යාවක් සමත්වීමේ ප්‍රතිශතය අතින් දෙවන ස්ථානයට හම්බන්තොට දිස්ත්‍රික්කය පත්වනවා.
එහි තෙවන ස්ථානයට පත්ව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයයි.
ගාල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්ක පිලිවෙලින් දිවයිනේ වැඩිම සිසුන් සංඛ්‍යාවක් සමත් වීමේ ප්‍රතිශතය අතින් 04 වන සහ 05 වන ස්ථානයට පත්ව තිබෙනවා.
සිසුන් සමත් වීමේ ප්‍රතිශතයට අනුව අවම සිසුන් සංඛ්‍යාවක් සමත් වී ඇති දිස්ත්‍රික්කය වන්නේ ත්‍රිකුණාමලයයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව දිවයිනේ පළමු ස්ථානය හිමි කර ගත්තේ කොළඹ විශාඛා විද්‍යාලයේ නිලක්නා දිසිවරී වරුසවිතානයි.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන ස්ථාන 3ක් වාර්තා විම විශේෂත්වයක්.
ඉන් දෙවන එක් ස්ථානයක් හිමිකර ගත්තේ ද කොළඹ විශාඛා විද්‍යාලයේ සවිති හංසාදී සිසුවියයි.
අනෙක් දෙවන ස්ථාන ගම්පහ – රත්නාවලී විද්‍යාලයේ සංජානි දිලේකා කුමාරි සිසුවිය සහ මාතර සුජාතා විද්‍යාලයේ මින්දි රෙබෙකා සිසුවිය හිමි කර ගත්තා.
ඊට අමතරව පස්වන ස්ථානය හිමි කරගෙන ඇත්තේ කෑගල්ල ශාන්ත ජෝශප් විද්‍යාලයේ හර්ෂිලා ලිහිනි කඩුආරච්චි විසින්.
6 වන ස්ථාන 5ක් හිමි වී ඇති අතර, ඒ, කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සඳලි රත්නායක, රාජකීය විද්‍යාලයේ සිසුන් වන යසංක සමරකෝන් සහ කවිරු මෙත්නුක මෙන්ම ගාල්ල මහින්ද විද්‍යාලයේ ශස්මිත ආකාශ්වර ලියනගේ සහ හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ හිමාෂි එරන්දිකා යන සිසු සිසුවියන්.
පසුගිය වසරේ දෙසැම්බර් පැවති සාමාන්‍ය පෙළ විභාගය විභාගය සඳහා හයලක්ෂ 56,984 දෙනෙකු අයදුම් කළ අතර, ඉන් විභාගය සඳහා පෙනී සිටීමට සුදුසුකම් ලැබුවේ අයදුම්කරුවන් පන්ලක්ෂ 18,184 දෙනෙකු පමණයි.
ගණිතය සමත් වූ ප්‍රතිශතය 64.11ක්. 2018 වසරේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසු සිසුවියන් අතරින් 9413 දෙනෙකු ඒ සාමාර්ථ 9 බැගින් හිමි කර ගැනීමට සමත් වුණා.
සාමාන්‍ය පෙළ විභාගය අතරතුර විභාග අක්‍රමිකතා සම්බන්ධයෙන් වූ සිද්ධි 1315 ක් වාර්තා වූ අතර, ඉන් අයදුම්කරුවන් සම්බන්ධ වූ සිද්ධීන් ගණන 1265 ක්.
මූලික විමර්ශනවලින් පසුව නිදහස් වූ ගණන 738 ක් බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එමෙන්ම, ඉදිරි විමර්ශන හේතුවෙන් ප්‍රතිඵල අත්හිටුවා ඇති සිසුන්ගේ සංඛ්‍යාව 527 ක්.
2018 සාමාන්‍ය විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන් අප්‍රේල් මස 12 වැනිදාට පෙර ඊට අදාළ අයදුම්පත්‍ර විභාග දෙපාර්තමේන්තුව වෙත ලියාපදිංචි තැපෑලෙන් යොමුකළ යුතු වනවා.