Gossips

සාමාන්‍ය පෙළ විභාගයට විශේෂ ආරක්ෂාවක්

හෙට ආරම්භ වන අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට කටයුතු යොදා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.
ඒ අනුව විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සහ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන වෙත පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු යොදවනු ඇති.
එමෙන්ම සෑම පොලිස් වසමකම පවත්වනු ලබන විභාග මධ්‍යස්ථාන වෙත පොලිස් ජංගම සංචාර සහ පාමුර සංචාර මගින් ආරක්ෂාව සැපයෙනවා.
ඊට අමතරව ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර ප්‍රවාහනය කරනු ලබන වාහන සඳහා ද ආරක්ෂාව සැලසීමට කටයුතු යොදා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.