Gossips

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම අද සිට

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අද ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව එහි පළමු අදියර ලබන ජනවාරි 1 වන දා දක්වා ක්‍රියාත්මක බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සදහන් කළේ.
දිවයිනේ නගර 55ක පිහිටි මධ්‍යස්ථාන 108 කදී ගුරුවරුන් 35,000 කගේ පමණ සහභාගිත්වයෙන් මෙම පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සිදුකිරීමට නියමිතයි.
සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවන අදියර ජනවාරි 8 වන දා සිට 17 වන දා දක්වා සිදුකිරීමට ද සැලසුම් කර තිබෙනවා.
එමෙන්ම, පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදුකෙරෙන මධ්‍යස්ථාන අවට විශේෂ ආරක්ෂාවක් ද සපයා ඇති බව සදහන්.