Gossips

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේ මස අවසානයේ

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස අවසානයේදී නිකුත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියා සිටියේ ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට අවසන් කර ඇති බවයි.
2018 වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගය මධ්‍යස්ථාන 4661 කදී ක්‍රියාත්මක වූ අතර, ඒ සඳහා පෙනී සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව 656,641ක්. පසුගිය වසරේ දෙසැම්බර් 12 වනදින විභාග කටයුතු අවසන් වූ අතර, පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ආරම්භ වූයේ එම මස 23 වන දිනයි.
ඒ අනුව දිවයිනේ නගර 55ක පිහිටි මධ්‍යස්ථාන 108 කදී ගුරුවරුන් 35,000 කගේ පමණ සහභාගිත්වයෙන් මෙම පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සිදුකෙරුණා.