Gossips

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද දහවල්

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියා සිටියේ දහවල් වනවිට ප්‍රතිඵල නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි.
සාමාන්‍ය පෙළ විභාගය මධ්‍යස්ථාන 4661 කදී ක්‍රියාත්මක වූ අතර, ඒ සඳහා පෙනී සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව 656,641ක්.
පසුගිය වසරේ දෙසැම්බර් 12 වනදින විභාග කටයුතු අවසන් වූ අතර, පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ආරම්භ වූයේ දෙසැම්බර් 23 වන දායි.