මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් 4ක් විවෘත කිරීම ලබන 18 වනදා සිදුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය කියා සිටියේ කොළඹ – ඉසිපතන, මාතර – මහානාම, කුරුණෑගල – සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නංගර සහ මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා යන පාසල් මෙලෙස ජනවාරි 18 වන සිකුරාදා යළි විවෘත කරන බවයි.
