දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයට අදාළ අයදුම්පත් භාර ගැනීම මේ මස 15 වනදායින් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඊට අදාළ අයදුම්පත් www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි වනවා.
එමෙන්ම, ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කෙරෙන අතර, නියමිත දිනට හෝ එදිනට පෙර ලැබෙන සේ විභාග අයදුම්පත් යොමුකරන ලෙසයි විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.
