Gossips

සාමසාධක අණ දෙන නිලධාරී ලූතිනන් කර්නල් කළණ අමුණුපුරට මෙරට කැඳවීම ගැන ජනපතිගේ තීරණය

මාලි රාජ්‍යයේ ශ්‍රී ලංකා සාම සාධක භට පිරිසේ අණ දෙන නිලධාරී ලූතිනන් කර්නල් කළණ අමුණුපුර, නැවත මෙරටට කැඳවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් තමන් එකඟ නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර තිබෙනවා.
පෙරේදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්විමේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ බවයි නිදහස් පක්ෂ මුලස්ථානයේ අද පැවති තිබු මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය මහින්ද සමරසිංහ කියා සිටියේ.
මේ අතර ජතික නිදහස් පෙරමුණ කොළඹ අද කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවිර කියා සිටියේ සාම සාධක රාජකාරිවල නිරත මෙරට හමුදා සමාජිකයින් මේ වනවිට අවධානමකට පත්ව ඇති බවයි.