Gossips

සාමය සහ සංහිඳීයාවට එරෙහිව ඇති අභියෝග ජයගන්න එක්වන්න

සාමය සහ සංහිඳීයාවට එරෙහිව ඇති අභියෝග ජයගැනීමට සියලූදෙනා එක්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ අදහස් පැවසුවේ සංහිඳීයාව හා සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය, එළිදැක්වීමේ හා ජාතික සමගිය හා සංහිඳීයා කාර්යාංශයෙන් නිෂ්පාදිත ,තුන්දෙනෙක්, චිත්‍රපටය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සදහන් කළේ සංහිඳීයාව යනු ආධ්‍යාත්මික දර්ශනයක් බවත් අධ්‍යාත්මය සුවපත් නොවූ සමාජයක් තුළ එය ජයග්‍රහණය කරවීම අභියෝගකාරී වුව ද විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ඒ සඳහා උරදීම සියලූදෙනාගේ වගකීමක් බවයි.