සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ යන විභාග, එකවර පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති තීරණයෙන් ගැටළු රාශියක් නිර්මාණය වන බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව පවසනවා.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පසුගිය බ්‍රහස්පතින්දා සඳහන් කළේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග දෙසැම්බර් මාසයේදී පැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවයි.
කෙසේ වෙතත්, ඒ තුළින් ගැටළු රාශියක් නිර්මාණය වන බවයි ගුරු – විදුහල්පති වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු ජෝශෆ් ස්ටාලින් සඳහන් කළේ.
