Gossips

සාපෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයැදුම්පත් භාර ගන්නා අවසන් දිනය

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ කිරීමේ අයැදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා අප්‍රේල් 7 වන දා දක්වා අවස්ථාව ලබාදී තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවති සාමාන්‍ය පෙළ විභාගයට අපේක්ෂකයින් හය ලක්ෂ 88, 573 දෙනෙකු පෙනී සිටි අතර, ඉන් සියයට 73.05ක් උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම විෂයන් 09ටම ඒ සාමර්ථ ලැබූ සිසුන් සංඛ්‍යාව 9960ක්.
ඊයේ (28) නිකුත් කෙරුණු ප්‍රතිඵල වලට අනුව සියයට 67යි දශම 24ක් මෙවර ගණිතය සමත්ව ඇති බවද විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.