Gossips

සාපෙළට පෙනී සිටි සිසුන්ට අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ පණිවිඩයක්

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල වලට අනුව තවත් වසර දෙකක් පමණ ගතවන විට අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
සෑම පාසල් දරුවෙකුම පළමු වසරේ සිට දහතුන වසර දක්වා අඛණ්ඩ අධ්‍යාපනයක් පිරිනැමෙන 13 වසරක සහතික කල අධ්‍යාපනය ව්‍යාපෘතියේ නියමු වැඩසටහන යටතේ මේ වසරේ දී 14000කට වෘත්තීක ප්‍රවේශය යටතේ උසස් පෙළ හැදෑරීමට හිමිවන අතර ඉදිරි වසරේ සිට එවැනි සියලුම සිසු සිසුවියන්ට ඒ සඳහා අවස්ථාව ලබා දෙන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.