Gossips

සාධාරණය ඉල්ලා පොලිස් නිලධාරියෙකු වෙඩි තබා ගැනීමට යයි

තමන්ට සාධාරණය ඉෂ්ඨ නොකරන්නේ නම් වෙඩි තබා ගන්නා බවට සැරයන්වරයෙකු ගත් උත්සාහයක් අද කළුතර තෙඹුවන ප්‍රදේශයෙන් වාර්තා වුණා.
අදාළ සැරයන්වරයා සඳහන් කළේ තමා නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ රථයක් සිය භාරයට ගත්තත් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදුන් බවයි.
අද දහවල් 12ට පමණ තම සේවා ස්ථානයෙන් පිටතට පැමිණි සනත් ගුණවර්ධන නැමැති පොලිස් සැරයන්වරයා මෙලෙස සිය ගිනි අවිය පෙන්වමින් සාධාරණය ඉෂ්ඨ නොකරන්නේ නම් වෙඩි තබා ගන්නා බව සදහන් කළා.
මෙහිදී තෙඹුවන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් ඔහු සමග සාකච්ඡා කිරීමේදී සැරයන්වරයා සදහන් කළේ නීතිගරුක නිලධාරියෙක් වන තමන් සාධාරණය අපේක්ෂා කරන බවයි.
පසුව පොලිස් නිලධාරියාගේ බිරිඳ සහ දරුවා ද එම ස්ථානයට පැමිණියා
ඉන් අනතුරුව එම ස්ථානයට පැමිණි විශේෂ කාර්ය බලකායේ පොලිස් නිලධාරියෙකු සැරයන් ගුණවර්ධන මහතා සමග සාකච්ඡා කිරිමට ගත් උත්සාහය ද ව්‍යර්ත වී ගියා.
ඉන් පසු කළුතර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ද එම ස්ථානයට පැමිණියා.
පැය දෙකක පමණ කාලයකින් පසු සැරයන් ගුණවර්ධන මහතා මෙල්ල කර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පියවර ගත්තා.
මෙහිදී වෙඩි තැබීමක් සිදුවූ අතර, ඉන් කිසිවෙකුටත් හානි සිදුවූයේ නැහැ.
පොලිසිය සදහන් කළේ සැරයන් සරත් ගුණවර්ධන මහතා මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට අද පස්වරුවේ ඉදිරිපත් කළ බවයි.