Gossips

සාදයක් ගැටුමක් වී තිදෙනෙකු රෝහලේ

සාදයක් අතර තුර ඇති වූ ගැටුමකින් කැපුම් තුවාල ලැබූ තිදෙනෙකු ප්‍රතිකාර සදහා හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඊයේ (01) පස්වරුවේ හලාවත – අඹකදවිල, කොච්චිවත්ත ප්‍රදේශයේදී මෙම ගැටුම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ගැටුම පැවති ස්ථානයේ තිබී සොයාගත් බව කියන මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ කඩුවක්ද ගම්වාසීන් විසින් හලාවත පොලීසියට ගෙනවිත් භාර දී තිබෙනවා.
තුවාලකරුවන් අතර එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු සහ තවත් අයෙකු ද සිටින බව අප වාර්තාකරු පවසනවා.
පොලීසිය පවසන්නේ තුවාලකරුවන් සියළුම දෙනා හලාවත, අඹකදවිල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යනු ලබනවා.