Gossips

සාදයක් අතරතුර පිහිනුම් තටාකයකට ඇද වැටුනු පුද්ගලයෙකු මියයයි

දඹුල්ල – කළුන්දෑව මාර්ගයේ හෝටලයක පැවති උපන් දින සාදයක් අතරතුර පිහිනුම් තටාකයකට ඇද වැටුණු පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මාතලේ නාගස්තැන්න ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි මෙම පුද්ගලයා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.
මෙම පුද්ගලයා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු නිසි පරිදි ප්‍රතිකාර ලබා දීමට කටයුතු නොකළ බව පවසමින් ඔහුගේ මිතුරන් රෝහලේ සේවකයින් පිරිසකට පහරදී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් හතරදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අද දඹුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.