කොත්මලේ ඔයේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා.
ඊයේ පස්වරුවේ මෙලෙස මියගොස් ඇත්තේ හපුතලේ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙක්.
ලිඳුල ප්‍රදේශයේ ඥාති නිවසක පැවති සාදයකට පැමිණි මෙම තරුණයා තවත් මිතුරන් තිදෙනෙකු සමග දිය නාමින් සිටියදී දියේ ගිලී අනතුරට ලක්ව තිබෙනවා.
ඔහුගේ සිරුර නුවරඑළිය රෝහලේ තැන්පත් කර ඇති අතර ලිඳුල පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.
